ඉදිරි සති දෙක තුන අවදානම්

ඉදිරි සති දෙක තුනක කාලයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකළහොත් රට යළි අවදානමකට ලක්විය හැකි බව ප්‍රධාන වසංගත රෝග විදයාඥ සමිත ගිනිගේ පවසයි.

ඊයේ (29 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මේ වන විට රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතුවල යම් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත්, එය ඉදිරියට පවත්වාගෙන යාමටනම් එන්නත්කරණය සිදු කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

කොවිඩ් තුන්වන මාත්‍රාව ලබා ගැනීමට පිරිස පැමිණීමේ අඩුවක් ඇති බවද හෙතෙම සඳහන් කළේය. එම නිසා කඩිනමින් පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමට කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ අවධානම පහව ගොස් නොමැති බවත් සියලු දෙනාම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

කොවිඩ් ආසාදිතයන්ට ඇති සංකූලතා අඩුවී ඇත්තේ එන්නත ලබාගැනීම නිසා බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. තරුණ පිරිස ද තුන්වන මාත්‍රාව ලබාගැනීමට මැලි කමක් දක්වන බවත් වයස අවුරුදු 20ට වැඩි දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස තුනක් ගත වී ඇති පුද්ගලයින් බූස්ටර් එන්නත ලබාගැනීම වැදගත් බවද විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23