ඉදිරි සති දෙක ගැන සිදුකළ අනතුරු ඇඟවීම මෙන්න

ඉදිරි සති දෙකක කාලසීමාවේ දී මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

 ඊයේ (20) අලුතින් ආසාදිතයින් 3839 දෙනෙකු සොයා ගැනුණු අතර, පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 195ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළා.

මෙය කොවිඩ් ව්‍යාප්තිය ආරම්භයේ සිට මෙරට දිනක් තුළ වාර්තා කළ වැඩි ම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ද වනවා.

පවතින තත්ත්වය මත ඉදිරියේ දී තවදුරටත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියා.

මේ අතර, දුම් පානය කරන්නන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බවයි දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ පෙන්වා දෙන්නේ.

එමෙන්ම කොරෝනා තත්ත්වය පැවතිය ද ස්නායු රෝගීන් කුමන ආකාරයකින් හෝ අඛණ්ඩ ව ඖෂධ ලබාගැනීම අනිවාර්යයෙන් සිදුකළ යුතු බව ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය ගාමිණී පතිරණ අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35