ඉදිරි සති දෙකේ තත්ත්පර 5කටවත් මාස්ක් එක ගලවන්න එපා

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේ බලපෑම ඉදිරි දෙසතිය තුළ ඉතා ප්‍රබලවනු ඇති බව වෛද්‍ය, ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

අප කළ විමසිමකදී ඔහු ප්‍රකාශ කළේ වඩාත් අවශ්‍ය වන්නේ ආහාර ද? ඔක්සිජන් ද? යන්න මත ප්‍රතිපත්ති තීරණය කළ යුතු බවය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල්‍ය ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පැවසුවේ,

“මේ ඩෙල්ටා බලපෑම පටන්ගත්තා විතරයි. මේකේ දරුණු බව ඉදිරියට තමයි බලාපොරොත්තුවෙන්නේ. විශේෂයෙන් ඉදිරි සති දෙක තුන ඉතාමත්ම තීරණාත්මකයි. වුහාන් ප්‍රභේදයට වඩා දෙගුණයකින් මේක පැතිරෙනවා. තප්පර 5ක අපි මේ මාස්ක් එක ගැලෙව්වොත් ඒ කාලය ඇති අපි ආසාදිතයෙක් වෙන්න. මේ අවස්ථාවේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි මේකෙ පැතිරීම වළක්වන්න. අපිට හෙට දිනයේ තියෙන ප්‍රශ්නය තමයි කන්න නැතුව මැරෙනවා ද? ඔක්සිජන් නැතුව මැරෙනවා ද? කියන එක. කන්න නැතුව මැරෙන්නේ නෑ. මොකද කන්න තියෙන මිනිහෙක් අපිට ගෙනත් දෙයි. හැබැයි ඔක්සිජන් නැති වුණොත් අපිට ජීවත්වෙන්න බෑ. අලුතෙන්ම තීරණ අරගෙන ඉදිරියට යා යුතුයි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11