ඉදිරි වසර 25 තුළ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

ඉදිරි වසර 25 තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජීය , සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.

ඒ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ බවයි ජනාධිපති වෘත්තීය සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පැවසුවේ.

ඒ අනුව, ඉතිහාසය පිළිබඳ, ආර්ථික විද්‍යාව සහ වෙළඳ, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආයතන පිහිටුවීමටයි රජයේ අවධානය යොමු වී තිබෙන්නේ.

ඊට අමතරව රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ප්‍රතිපත්ති, කෘෂි තාක්ෂණ සහ දේශගුණික විපර්යාස පිළිබඳ මෙන්ම ක්‍රීඩා වෙනුවෙන් විශ්ව විද්‍යාල ආරම්භ කිරීමටද නියමිතයි.

මේ අතර කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තා සවිබල ගැන්වීමේ පනත වෙනුවෙන් නව නීති හඳුන්වා දිමටද නියමිත බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම, දේශගුණික විපර්යාස පිළිබඳ පනත සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත , වනාන්තර ප්‍රතිරෝපණ සහ වෘක්ෂලතා පනත සඳහාද නව නිීති හඳුන්වා දීමට නියමිතව තිබෙනවා.

මේ අතර ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමි වූ ලක්ෂ 05 ක් පමණ වන පිරිසකට හා දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව සිටින පිරිස් ඇතුළු පවුල් ලක්ෂ 20 ක් වෙනුවෙන් ජූලි මස 1වනදා සිට මූල්‍යාධාර ලබාදිමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමටද නියමිතව තිබෙනවා.

තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීම සදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය පහසුකම් යටතේ පළමු අදියරේදී දහසක පිරිසක් බලැගන්වීම සදහා ප්‍රාදේශිය සංවර්ධන බැංකුව මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය යෝජනා ක්‍රම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් සියයට 95ක් දක්වා ඉහළ ගිය ආහාර ඛාණ්ඩයේ උද්ධමනය සියයට 54 ක් දක්වා පහළ ගියා. එහි ප්‍රතිලාභ වැඩකරන පන්තියටද හිමි වී ඇති බවයි ජනාධිපති වෘත්තීය සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14