ඉදිරි මාස 02 මෙරට ජනතාවට සුබ පණිවුඩයක්

ලබන මාස 02 තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 12කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 08ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 04ක් මෙරටට ලැබීමට නියමිත බවය.

මේ වන විට මෙරටට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 22කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

මේ අතර ඩෙල්ටා ප්‍රභේදය මුළු ලංකාවම වෙලාගෙන සිටින වෙලාවක, දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යමින් පවතින මොහොතක, බලධාරීන් ලෙස තීරණ ගැනීමේ දී නැවත නැවත සිතා බැලිය යුතු බව රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

“කොවිඩ් රෝගීන් නිසා සමහර රෝහල්වල ධාරිතාව උපරිම මට්ටමට ළඟාවෙලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයම දැවැන්ත අපහසුතාවයකට පත්වෙමින් පවතිනවා.”

ආර්ථිකය ගැන සැළකිලිමත් විය යුතු නමුත් ගන්නා හැම තීරණයක්ම විද්‍යාත්මක පසුබිමක් මත ගත යුතු බව හෙතෙම අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ 2020 යුක්‍රේන සංචාරකයන් ගෙන්වා කළ අත්හදා බැලීම අසාර්ථක වී ඇති පසුබිමක දැන් ඊශ්‍රායලයෙන් සංචාරකයන් ගෙන්වීමට රජය විසින් කටයුතු කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ අදහස කුමක්ද යන්නය.

“මාධ්‍ය මගින් දැනට අපට දැනගන්නට තිබෙන කරුණු අනුව; ඊශ්‍රායලය දියුණු සෞඛ්‍ය පද්ධතියක් පවත්වාගෙන යන රටක්. වැක්සින් ආවරණයත් ඉහළ මට්ටමක තිබෙනවා.

එහෙම තියෙද්දිත් මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය විශාල සෞඛ්‍ය තර්ජනයක් බවට පත්වී තිබෙනවා.”

තාක්ෂණිකව වැක්සීනයක ක්‍රියාකාරීත්වය තීරණය විය හැකි බවත්, කොරෝනා ආගමනය සමග දැනට හඳුන්වා දී ඇති එන්නත් හදිසි අවශ්‍යතාවය උදෙසා හඳුන්වා දුන් එන්නත් බවත් වෛද්‍යවරයා පෙන්වා දෙයි.

කුමන වැක්සීන කුමන ප්‍රභේදයට ඔරොත්තු දෙනවා ද නැද්ද යන්න තවමත් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ ය.

දැනට තිබෙන කිසිම එන්නතක් 100% ක ආරක්ෂාවක් ලබා දෙන බව කිසිවෙකුට කිව නොහැකිය.

“නමුත් අපි වැක්සීනයක් ලබාගත යුතුයි.” ශ්‍රී ලංකාව ද තම උපරිම සෞඛ්‍ය ධාරිතාවය තුළ කටයුතු කරන මෙවන් අවස්ථාවක, මේ කියන ආකාරයේ සංචාරකයන් ගෙන්වා ගන්නා රටවල්වලත් සෞඛ්‍ය පද්ධති අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක තීරණ ගැනීමේ දී විද්‍යාත්මක පදනමක් මත එය සිදු කළ යුතු බවට තම සංගමය අවධාරණය කරන බව එදිරිසිංහ මහතා සඳහන් කළේය.

“බයෝබබල් කියන එක පිළිගත් ක්‍රමවේදයක් හැටියට විශේෂ තත්ත්වයන් යටතේ සළකන්න පුළුවන්.

උදාහරණයක් හැටියට ක්‍රීඩා කරන කොට කණ්ඩායමක් බයෝ බබල් එකක් හැටියට ගෙන්වගෙන..

ඉතාම සුළු පිරිසක් අරගෙන ඒ පිරිස දිගටම සුපරීක්ෂාකාරීව වෛද්‍ය නිරීක්ෂණවලට ලක්කරමින් ඔවුන් නිරාවරණය කරගන්නෙ නැතුව අරං යන්න ඕනේ.”

වෛද්‍යවරයා පවසයි. සංචාරකයන් බයෝබබල් එකක් යටතේ ගෙන්වා ගැනීමේ දී රටේ පද්ධතිය ඒ සඳහා සූදානම් කර ගත යුතුය. කළබලකාරීව එක පැත්තක පමණක් සාධක සළකා බලා තීරණ ගැනීම තුළින් අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය එදිරිසිංහ අවධාරණය කළේය.

“අපි තවම සංචරණ සීමාවන් ඇතුලෙ ඉන්නෙ.

අපේ Epidemic Curve එක තවම පල්ලෙහාට නැඹුරු වන තත්ත්වයක් නෙවෙයි තියෙන්නෙ. මේ වසංගත වක්‍රයේ පහළ බැසීමක් එන කාලය ගණන් බලන්න වෙනවා.

ඒකට බලපාන විද්‍යාත්මක සාධක තියෙනවා.

එම සාධක සියල්ල සැලකිල්ලට අරගෙනයි මේක තීරණය කරන්න ඕනෙ.

” බයෝබබල් එකක් යටතේ සංචාරකයන් ගෙන්වා ගැනීමට කළින් දැනට ක්‍රියාත්මක කරන සංචරණ සීමාවන් තව කොපමණ කාලයක් පවත්වාගෙන යන්නේ ද යන්න පවා තීරණය කළ යුතුව තිබේ.

සංචාරකයන් ගෙන්වා ගැනීමට කළින් විසඳාගත යුතු ගැටළු විද්‍යාත්මකව විසඳා ගැනීමෙන් අනතුරුව කිසියම් කාල සීමාවක් තුළ රට සංචාරකයන් ට විවෘත කරනවා ද, ඒ විවෘත කරන්නේ කවර ආකාරයකට ද, විවෘත කරන්නේ කුමන ප්‍රදේශ ද යන්න තීරණය කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

“එන්නත්කරණ ආවරණය පිළිබඳව නිසි සංඛ්‍යාලේඛන බිම් මට්ටමේ දී සකස් කර ගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09