spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි දෙසතිය තුළ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවේවි – උපුල් රෝහණ

කොවිඩ් 19 ආසදිතයින්ගේ වාර්තා වීමේ ඉහළ යාමක් මේ වනවිට දක්නට ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

කොවිඩ් 19 ආසාදිතයින් යැයි සැකසහිත රෝගීන් විශාල වශයෙන් බිම් මට්ටමේ වාර්තා වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය සහ රට තුළ පවතින මහජන ඒකරාශීවීම් එම තත්ත්වය පාලනය කිරීමට නොහැකි තැනකට රැගෙන යනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම ඖෂධ හිඟය සහ රොහල් පහසුකම් හිඟවීම අපි සියලු දෙනාට අමිහිරි අත්දැකීම් ගෙන එනු ඇති බවයි නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් උපුල් රෝහණ මහතා සඳහන් කර ඇත්තේ.

මේ අතර ඊයේ (29) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 143ක් මෙරටින් වාර්තා වූ අතර කොවිඩ් මරණ 05ක් ද වාර්තා වුණා.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?