ඉදිරි දෙසතිය තුළ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවේවි – උපුල් රෝහණ

කොවිඩ් 19 ආසදිතයින්ගේ වාර්තා වීමේ ඉහළ යාමක් මේ වනවිට දක්නට ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඉදිරි දෙසතිය තුළ ඉතා අවාසනාවන්ත තත්ත්වයකට මුහුණදීමට සිදුවනු ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

කොවිඩ් 19 ආසාදිතයින් යැයි සැකසහිත රෝගීන් විශාල වශයෙන් බිම් මට්ටමේ වාර්තා වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවනු ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය සහ රට තුළ පවතින මහජන ඒකරාශීවීම් එම තත්ත්වය පාලනය කිරීමට නොහැකි තැනකට රැගෙන යනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම ඖෂධ හිඟය සහ රොහල් පහසුකම් හිඟවීම අපි සියලු දෙනාට අමිහිරි අත්දැකීම් ගෙන එනු ඇති බවයි නිල ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් උපුල් රෝහණ මහතා සඳහන් කර ඇත්තේ.

මේ අතර ඊයේ (29) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 143ක් මෙරටින් වාර්තා වූ අතර කොවිඩ් මරණ 05ක් ද වාර්තා වුණා.

1 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14