ඉදිරි දිනවලත් විදුලිය කැපේ

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත‍්‍ර තුනෙන් දෙකක්ම මේ වනතෙක් අක‍්‍රීය බැවින්, රටේ ඇතැම් ප‍්‍රදේශවල ඉදිරි දිනවලත් වරින් වර විදුලිය කපා හැරීමට සිදුව ඇතැයි ලංවිම කියා සිටී.

ඉකුත් 03 වැනිදා රටපුරා විදුලි බිඳවැටීමේ සිද්ධියෙන් පසු නොරොච්චෝල බලාගාරය අක‍්‍රීය වූ අතර හරියටම දින හතකට පසු එම බලාගාරයේ මෙගාවොට් 300 ක් ඉකුත් 10 වැනිදා ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරිණි. නමුත් අනෙක් විදුලි උත්පාදන යන්ත‍්‍ර දෙක තාමත් අක‍්‍රීයව පවතින බැවින් ඉන් එක් යන්ත‍්‍රයක්වත් පණගන්වන තුරු රටපුරා වරින් වර විදුලිය කපා හරින්නට සිදුවන බව ලංවිම කියා සිටී.