ඉදිරි කන්නය සඳහා ‍සියලු ගොවීන්ට මඩ පොහොර නොමිලේ

ඉදිරි කන්නය සඳහා ‍මෙරට සියලු ගොවියන්ට නොමිලේ මඩ පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම සංවර්ධනය සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් සමඟ ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මේ වන විට ක්‍රියාත්මක කන්නය වෙනුවෙන් බණ්ඩි පොහොර ලැබුණත් මිල ඉහළ යාම නිසා ගොවීන් ඒවා භාවිත කිරීමේ පහළ යාමක් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා කියාසිටියේ ඉදිරි කන්නයේදී බණ්ඩි පොහොර මිල පහළ දැමීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බවයි.

වී මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කර ඇති සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇති අතර එම කටයුතු කාර්යක්ෂම වුවොත් ගොවියන්ට සැලකිය යුතු ආදායමක් ලබා ගත හැකිවනු ඇතැයි ද සඳහන් කළා.

මෙවර කන්නය සාර්ථකව ක්‍රියාත්මක බව බැවින් ඉදිරි‍යේදි සහල් ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් පැන නොනගින බවත් අවශ්‍ය නම් බාස්මතී සහල් පමණක් ආනයනය කරන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියාසිටියා.

මේ අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ යටතේ වසර තුනක් තුළ ටොන් 4.7ක් දක්වාත්, වසර පහක් තුළ ටොන් 5.1ක් දක්වාත්, වසර 10ක් තුළ ටොන් 5.5ක් දක්වාත් වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් සියලු අංශ ඒකාබද්ධ වෙමින් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ වී වගාව ඉහළ නැංවීම ඉළක්ක කර ගනිමින් වී වගාව ආශ්‍රිතව පර්යේෂණ සිදු කර ඇති සියලු කණ්ඩායම් ඒකාබද්ධ වෙමින් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

දැනට අප රටේ හෙක්ටෙයාර් එකකින් ලබන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 3.5ක් පමණ වනවා.

ඒ අනුව බීජ නිෂ්පාදනය, පාංශු පරීක්ෂාව, කාබනික හා රසායනික පොහොර ඵලදායීව යොදා ගැනීම, වී වගාවට නව තාක්ෂණය හඳුන්වා දීම, අස්වනු අලෙවි කිරීම හා කල් තබා ගැනීම හා කෘමිනාශක හා වල්නාශක භාවිතය ආදි සෑම අංශයක්ම ඉළක්ක කරමින් මෙරට වී වගාව පුළුල් කිරීමට යි අවධානය යොමු කර ඇත්තේ.

මෙම සාකච්ඡාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබාදුන්නේ දැනට වී වගාවේ අඩුම අස්වැන්නක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බැවින් බස්නාහිර පළාතේ හා තෙත් කළාපයේ කුඹුරුවලින් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී ප්‍රභේද හඳුන්වා දීමට පියවර ගන්නා ලෙසටයි.

බතලගොඩ වී පර්යේෂණායතනය විසින් නිපදවා ඇති BG 369 නැමැති වී ප්‍රභේදය බස්නාහිර පළාතේ කුඹුරුවලින් ඉහළම වී අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිර්දේශ කළ හැකි බවත්, එම වී ප්‍රභේදය මගින් හෙක්ටෙයාර් එකකට වැඩිම වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි බවත් බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහතා සාකච්ඡා කර තිබෙනවා.

මෙම වසර තුළ බීජ වී නිෂ්පාදනය සඳහා හෙක්ටෙයාර් 8000ක් වෙන් කෙරෙනවා.

ඒ සඳහා ගොවින් 10,000කට විශේෂ පුහුණුවක් ද ලබා දීමට නියමිතයි.

ඒ මගින් සමස්ත බීජ වී අවශ්‍යතාවයෙන් සියයට 25ක් නිපදවීම ඉළක්ක කර ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48