spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ වැඩි වාසි තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටයි

රටේ පවතින තත්වය අනුව ළඟදීම කුමන හෝ මැතිවරණයක් පැවැත්වීමේ ලකුණු ඇති බවත් ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩිම වාසිය ඇත්තේ ශ්‍රී.ල.නි.පය ප්‍රමුඛ සන්ධානයකට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කළ මන්ත්‍රීවරුන් 42 දෙනෙකුට විපක්‍ෂයේ අසුන්ගැනීමට හා ස්වාධීනවීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය රට වෙනුවෙන් එකතු වී වැඩකිරීමට සූදානම් නැති නිසා යැයි ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

වාම ප්‍රගතිශීලී දේශපාලන කඳවුර සමඟ සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවක් පිහිටුවීම ඉදිරියේදී අනිවාර්යයෙන් කරන බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා කළකිරී සිටින පොහොට්ටු සාමාජිකයන් ද එක්කරගනිමින් වහාම ප්‍රතිසන්ධාන කටයුතු අරඹන්නැයි පක්‍ෂ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ද කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේදී අද (2) පැවති එම පක්ෂයේ 71 වන සංවත්සරය සැමරුම් උත්සවය අමතමින්.

‘අපේ කමට පණ දෙමු – අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උර දෙමු’ යන තේමාව යටතේ මෙවර පක්ෂ සංවත්සර සැමරුම සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?