ඉදිරියේ දී දැඩි තීරණයක් ගන්න සිදුවෙයි – තිළිණ කණ්ඩම්බි (වීඩියෝ)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණය ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසනවා.

ඉන්දියාව සමඟ ඊයේ (28) නිමා වූ දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කණ්ඩම්බි මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කඩා වැටීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදීන් තිළිණ කණ්ඩම්බිගෙන් ප්‍රශ්නකර සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් මෙලෙස දිගින් දිගටම අසාර්ථක වනවා නම් සංචිතයේ සිටින දක්ෂ නවක ක්‍රීඩකයින්ට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි.

ඉන්දීය කණ්ඩායම සමඟ පැවති පළමු 20-20 තරග දෙකේදී ම ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය කැපී පෙනෙන සිදුවීමක් වුණා.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමට අනවශ්‍ය පීඩනයක් එක්වූ ආකාරය එම තරග දෙක තුළ දී දැක ගැනීමට හැකියාව ලැබුණා.

  1. හැමදාම දැඩි තීරන, දැඩි තීරන..ගන්න යනවා..කිය කිය ඉන්නවා මිසක් ගන්නෙ නෑ..ටීම් එකේ එවුන්ට පරිපාලනේ එවුන් බයයි.ඒකයි හේතුව. හැමදාම බිංදු ගහන ඇඟ විතරක් තියෙන බැටින් බෝලිං මොකුත් නැති සානකය තාම ටීම් එකේ..විකට් නැති හීක්ෂණ තාම ටීම් එකේ..⁣මුන්ව අයින් කරන්න කොන්ද පන ඇති එකෙක් ඔතන නෑ.අළුත් ක්‍රීඩකයො දෙන්නෙක්ට තැනක් දෙන්නෙ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10