ඉදිරියේ ඇති වගකීම ගැන අගමැති ගෙන් ප්‍රකාශයක්

කොවිඩ් වසංගතයේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් පසු රට යථා තත්ත්වයට පත්වන විට ජාතිය යළි ගොඩනැගීමට සියලුදෙනාටම යුතුකමක් ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (16) කොළඹ පැවති උපාධි ප්‍රදානෝත්සවයකට එක්වෙමිනි.

“ඔක්ස්ෆර්ඩ් කොලේජ් ඔෆ් බිස්නස්”හි 2022 වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවය ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම උපාධි ප්‍රදානෝත්සවයේ දී ව්‍යාපාර කළමනාකරණය සහ ව්‍යාපාර පරිපාලනය විෂය ක්ෂේත්‍රයේ උපාධි හා පශ්චාත් උපාධි ලැබූ උපාධිධාරීන් 507 දෙනෙකුට උපාධි පිරිනැමුණා.

“ඔබ දන්නා පරිදි ඉහළ සාක්ෂරතාවයකින් හෙබි රටක් විදියට ශ්‍රී ලාංකිකයන් වන අපි හැමෝටම ආඩම්බර විය හැකියි. ඒ වගේම ඔබත් දැන් උගත් සහ නිපුණ ශ්‍රම බලකායක කොටස්කරුවන් වීමට සුදානමින් සිටිනවා. කොවිඩ් වසංගතයේ විනාශකාරී ප්‍රතිවිපාකවලින් පසු අපේ රට යථා තත්ත්වයට පත් වන විට අපි සියලුදෙනාටම ජාතිය යළි ගොඩනැගීම සඳහා යුතුකමක් ඇතැයි මා විශ්වාස කරනවා. පශ්චාත් වසංගත යුගයේ ශ්‍රී ලංකාව නැවතත් ආර්ථිකමය වශයෙන් ප්‍රකෘතිමත් වීමේ මාවතට පැමිණීම සඳහා උපකාර කිරීමේ දී ඔබ ලබා ගත් මෙම ලෝක මට්ටමේ අධ්‍යාපනයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි. අපගේ ආර්ථික ප්‍රකෘතිය ඉලක්ක කර ගනිමින් ගෝලීය වශයෙන් තරග කිරීමට නම් පශ්චාත් වසංගතය තුළ ආර්ථික ප්‍රකෘතිය මෙහෙයවිය හැකි ව්‍යසායකයින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වෙනවා. එමනිසා ඔබේ නව්‍ය අදහස් නව ව්‍යවසාය බවට පරිවර්තනය කළ යුතුයි. එවිට සෙසු ශ්‍රී ලාංකිකයන් සඳහා ඔබට රැකියා ඇතුළුව සැලකිය යුතු ආර්ථික ක්‍රියාකාරකම් උත්පාදනය කරමින් ඒවා විශාල ව්‍යාපාරික ආයතන බවට පුළුල් කළ හැකියි.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල
00:45
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට
00:48
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
00:53
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථයක් හමුවෙයි ?
00:37
Video thumbnail
දෙහිවල බෝම්බ ප්‍ර#රයට පැමිණී ත්‍රීරෝද රථය පාදුක්කෙන් හමුවෙයි ?අත් බෝම්බයක කොපුවකුත් හමුවෙයි
00:49
Video thumbnail
අර්චුනාට යකා නගියි - රටට බොරු කියනවා ලියුමක් තියෙනවා කියලා
01:03
Video thumbnail
දුප්පත්කම වැඩිවෙලා තියෙද්දි ආණ්ඩුව කොහොමද අස්වැසුම කපන්නේ ?සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි
24:19
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ FCIDයෙන් එළියට - මොකුත් නොකියම පිටවෙයි
00:52
Video thumbnail
නැව් පිටින් හොරකම් කරපු ආණ්ඩුවක් - විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
06:59
Video thumbnail
දායාසිරි - නලින් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි - මොකද කියන්නේ Challenge එක බාරගන්නවද ?
04:36