ඉදිරියේ ඇතිවෙන භාණ්ඩ හිඟය ගැන කියන්න බැහැ – වෙළෙඳ ඇමති

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

”චීනය කියන ලෝකයේ විශාලතම රටක දවස් 5ක් වැඩ කරන රටේ එක් දවසක් නම්, විවෘත කරලා තියෙන්නෙ එතකොට භාණ්ඩ හිඟයක් ඇති වෙනවා ලෝකෙ. අපිටත් විවිධ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ චීනයෙන්. එතකොට අපිට අමුද්‍රව්‍යවල හිඟයක් ඇති වුණොත් සමහර කර්මාන්ත පවත්වා ගෙන යන්න බැරි වෙනවා” මෙය ලෝකයේ පවතින අලුත්ම අභියෝගයයි, අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ අතර ලෝකයේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් ඉහළ යාමේදී ශ්‍රී ලංකාව තුළ එය පාලනය කිරීමට ක්‍රමවේදයක් දන්නා කෙනෙකු සිටී නම්, තමා වෙත යොමු කරන ලෙසද ඇමතිවරයා මෙහිදී ඉල්ලා සිටියා.

”කවුරුහරි කියනවා නම්, මෙන්න මේකයි ලෝකෙ ඛනිජ තෙල් වැඩි වෙන එක ,ලංකාව පාලනය කරන්නෙ මෙහෙමයි, ලෝකයේ ගෑස් මිල 130 %කින් වැඩි වෙලා තියෙනවා. ඒක අඩු කරන්නෙ මෙහෙමයි කියලා ක්‍රමවේදයක් කවුරුහරි දන්න කෙනෙක් ඉන්නව නම් එයාට මාව හම්බුවෙන්න කියන්න” ඇමතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හිරේ ඉන්න මිනිස්සු බිත්ති හතරකට කොටුවෙලා පීඩනයක ඉන්නේ"
01:16
Video thumbnail
බන්ධනාගාරෙට යවන්න තිබුණේ හමුදාව.. පොලිසිය ගැන කිසි විශ්වාසයක් නෑ..
01:23
Video thumbnail
බන්ධනාගාරයවත් ආරක්ෂා කරන්න බැරි තත්ත්වයට රට පත්වෙලා
02:08
Video thumbnail
තාත්තයි පුත්තු දෙන්නයි ඇතුළේ..අම්මා අඬනවා..ඇයි මෙහෙම වුණේ ?පහුගිය ආණ්ඩුවලත් මෙහෙම සිද්ධි වුණානේ
08:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.07
00:00
Video thumbnail
අජිත් බන්ධනාගරය ගැන කියලා හර්ෂණට කට උත්තර නැතිකරයි - දෙවැනි කැරැල්ල වළක්වා ගන්න තිබුණා
08:11
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26