spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේදී බිත්තර මිළ අඩුවන ලකුණු (වීඩියෝ)

මැයි මාසය වන විට බිත්තරයක් රුපියල් 20 ත් 25 ත් අතර මිලකට ලබා දීමට හැකියාවක් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඊයේ (12)දිනයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර ලංකා සතොස අලෙවිසැල්වලින් අද (13)දින සිට රුපියල් 43ක මිලකට බිත්තර ඔ්නෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

උත්සව සමයේ බිත්තර මිල පාලනය කිරීමට සහ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා සදහා සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාද එක්ව සිටියා

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය හේමාලි කොත්ලාවල මහත්මිය සඳහන් කළේ බිත්තර සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිස මාධ්‍ය මගහැර එම ස්ථානයෙන් පිටව ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?