ඉදිරියේදී බිත්තර මිළ අඩුවන ලකුණු (වීඩියෝ)

මැයි මාසය වන විට බිත්තරයක් රුපියල් 20 ත් 25 ත් අතර මිලකට ලබා දීමට හැකියාවක් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසනවා.

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග ඊයේ (12)දිනයේ පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර ලංකා සතොස අලෙවිසැල්වලින් අද (13)දින සිට රුපියල් 43ක මිලකට බිත්තර ඔ්නෑම ප්‍රමාණයක් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දෙන බව එහි සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

උත්සව සමයේ බිත්තර මිල පාලනය කිරීමට සහ හිඟයකින් තොරව පාරිභෝගිකයන්ට බිත්තර ලබා දීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාව සඳහා සදහා සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාද එක්ව සිටියා

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව සත්ත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය හේමාලි කොත්ලාවල මහත්මිය සඳහන් කළේ බිත්තර සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි.

සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු පිරිස මාධ්‍ය මගහැර එම ස්ථානයෙන් පිටව ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58