spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරියේදී කරන වෙනස්කම් ගැන දිමුත් හෙළිකරයි…

ශ්‍රී ලංකාව ඉදිරි තරගාවලි ජය ගැනීම සදහා පන්දු රැකීම සහ දඟ පන්දු යැවීමේ අංශය තවදුරටත් දියුණු කර ගැනීම වැදගත් කාරණාවක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

බංග්ලාදේශයේ පැවැත් වූ ටෙස්ට් තරග සංචාරය නිමා කර යලි දිවයිනට පැමිණීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිමුත් කරුණානායක මේ බව සදහන් කළා.

බංග්ලාදේශයට එරෙහි ව පැවැත් වූ ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. නමුත් දග පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙම තරගාවලියේ දී එතරම් ඉහළ මට්ටමක පැවතුණේ නැහැ.

ඉදිරිය්ව පැවැත්වෙන තරගාවලි වෙනුවෙන් තමන් ඇතුලු කණ්ඩායම හොද සූදානමක කණ්ඩායම පසුවන බවත්, පන්දු රැකීම හා දග පන්දු යැවීමේ අංශය තවදුරටත් ශක්තිමත් කර ගත යුතු බවයි ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණානායක මෙහිදී අවධාරණය කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?