spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල සියයට තුන්සීයකින් ඉහළට (වීඩියෝ)

සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් ද්‍රව්‍ය මිල මේ වන විට සියයට තුන්සියයකට අධික ප්‍රමාණයකින් ඉහල ගොස් ඇතැයි ජාතික ඉදිකිරීම් සේවක සංගමයේ ලේකම් සුපුන් අබේසේකර පවසනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට යම් ස්ථාවර මට්ට්මකට පත්ව ඇතත් එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව මුහුණු දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් ඩොලරයට සාපේක්ෂ්ව රුපියල අවප්‍රමාණය වීමත් සමග මෙරට ක්ෂේත්‍ර රැසකට සෘජු බලපෑම් එල්ල වුණා.

මෙවන් තත්ත්වයක් යටතේ භාණ්ඩ ආනයනය සීමා කීරිම හේතුවෙන් ඉදිකීරීම් ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදු වුණේ විශාල අර්බුදයකටයි.

දේශීය නිශ්පාදන අමුද්‍රව්‍ය පවා නොසිතූ ලෙස ඉහළ ගියේ ආර්ථික අර්බුදයේ පීඩනය ජනතාවගේ කර මතම තබමින්.

කෙසේ වෙතත් රුපියල යම්තාක් ස්ථාවර තත්ත්වයකට පත්ව ඇතත් එහි සහනය පාරිභෝගික ජනතාවට හිමි වන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
4
+1
7
+1
11
+1
3
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?