ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුනර්ජීවනයක් ඇති කිරීමට රජයේ විශේෂ අවධානය

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි නඟාසිටුවමින් එය ජාතික ආර්ථිකයට පුළුල් ලෙස දායක කර ගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසනවා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ “ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව” ඊයේ (02) ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීයි.

පසුගිය සමයේ පැවැති ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි මතු වූ ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදෙමින් කර්මාන්තයේ නිරතවූවන්ට සහන සැලසීමට රජය ගත් තිරණවල ප්‍රගතිය ද මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණා.

ඉදිකිරීම්කරුවන් වෙත රජය මඟින් ගෙවීමට ඇති මාස තුනක් පැරණි හිඟ බිල්පත් මෙම අගෝස්තු මාසය තුළ ගෙවා අවසන් කිරීමට හැකි වනු ඇති බව ද කමිටු සාමාජිකයන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා සඳහන් කළේ විදේශ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක කර, පසුගිය ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ අතරමඟ නවතා දැමුණු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව වන අතර ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමත් සමඟ එම කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි.

ඒ අනුව ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘති කොතෙක් දුරට වැඩ නිම කර ඇත්ද යන්න මෙන්ම ඒවායේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද සාගල රත්නායක මහතා මෙහිදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35