ඉතිහාස ගතවෙමින් දකුණු අප්‍රිකාව කාන්තා 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සත්කාර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ඊයේ (24) හැකියාව ලැබුණා.

ඒ, තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 06කින් පරාජය කරමින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හතරකට රැස්කළ ලකුණු සංඛ්‍යාව 164ක්.

ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු158ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 06කින් ජයගෙන 2023 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා දකුණු අප්‍රිකාව සුදුසුකම් ලැබුවා.

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබූ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව මුහුණ දුන් පළමු තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉදිරියේ පරාජයට පත් වුණා.

2023 කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පෙරේදා දිනයේ දී සුදුසුකම් ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05