ඉතිහාස ගතවන ජයක් සොයා ශ්‍රී ලංකාව අද තරග බිමට

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පාකිස්ථානයට එරෙහිව පළමු ජය සොයා ශ්‍රී ලංකාව අද (10) තරග බිමට පිවිසීමට නියමිතයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ 08 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර මෙම තරගය පැවැත්වෙනවා.

මෙවර තරගාවලියේ මේ දක්වා දෙපිළම තමන් සහභාගී වූ පළමු තරගය පරාජයට පත්ව සිටිනවා.

ඒ, අනුව ලෝක කුසලාන ගමනේ ඉදිරිය වෙනුවෙන් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිළටම වැදගත් වනවා.

ආබාධයකට ලක්ව සිට සුවය ලැබීමෙන් පසු මහීෂ් තීක්ෂණ අද තරගය සදහා එකවන බවයි ඉන්දියාවෙන් වාර්තා වුණේ.

හයිද්‍රාබාද් හී රජීව් ගාන්ධි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙන අතර, මෙරට වේලාවෙන් පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ අවස්ථා 09 කදී එකිනෙකා මුණගැසී තිබෙනවා.

එහිදී අවස්ථා අටක දී පාකිස්ථානය ජයගෙන ඇති අතර, එක් තරගයක් වර්ෂාව හේතුවෙන් අතර මැද නවතා දැමීමට සිදුවුණා.

ඒ, අනුව ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට පිවිසෙන්නේ පාකිස්ථානය පළමුවරට පරාජය කිරීමේ අරමුණින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41