ඉතිහාසය වෙනස් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා

2020 ඔලිම්පික් තරඟාවලියේ බොක්සිං තරඟ තීරක හා විනිසුරුවරියක් වශයෙන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් තේරී පත්ව තිබේ.

එලෙස තේරී පත්ව ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් වන ටී. නෙල්කා ශිරෝමාලා නැමති නිලධාරිනියකි.

එම නිලධාරිනිය ගාල්ල රිපන් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා 1997 වර්ෂයේ දී ආධුනික කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස පොලිස් සේවයට එක්ව තිබේ.

2001 වසර්ෂයේ පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික තරඟාවලියකට සහභාගී වු පළමු කාන්තා බොක්සිං ක්‍රීඩිකාව ද ඇය වේ.

2001 – 2006 දක්වා ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් බොක්සිං තරඟාවලි සඳහා සහභාගී වෙමින් පොලීසිය වෙත විවිධ ජයග්‍රහණයන් අත්කර දෙමින් ශිරෝමාලා නිලධාරිනිය අඛණ්ඩව වසර 5ක් දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවට හිමි සම්මානය ද දිනා ඇත.

2009 වසරේ පළමු වරට ශ්‍රී ලංකා කාන්තාවන් සඳහා වු බොක්සිං තරඟ තීරක වශයෙන් සමත්ව 2011 වසරේ පළමු පෙළ ජාත්‍යන්තර බොක්සිං තරඟ විනිසුරුවරියක් වශයෙන් උසස්වීම් ලබා ඇති ඇය 2011 වර්සයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟාවලියක් විනිශ්චය කළ පළමු කාන්තා බොක්සිං විනිසුරුවරිය ලෙස ඉතිහාස ගත විය.

පසුව 2011 වර්ෂයේ දීම ලන්ඩන් හි පැවති ඔලිම්පික් පූර්ව තේරීම් තරඟාවලියට සහභාගී වීමට වරම් ලබා ඇති ඇය ජාත්‍යන්තර දෙවන පෙළ විනිසුරුවරියක් ලෙස උසස් වීම් ලබා තිබේ. 

යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලිය, ඔලිම්පික් තේරීම් තරඟාවලිය, ආසියානු මහද්වීප බොක්සිං තරඟාවලිය, අග්නිදිග ආසියානු බොක්සිං තරඟාවලිය හා වෙනත් විවිධ ජාත්‍යන්තර බොක්සිං තරඟාවලි රැසක් විනිශ්චය කරමින් ඇය ශ්‍රී ලංකාවට මෙන් ම පොලීසියට ද ගෞරවයක් අත්කර දී ඇත.

2017 වර්ෂයේ දී ආසියාවේ දක්ෂතම බොක්සිං විනිසුරුවරිය ට හිමි සම්මානය හිමිකර ගනිමින් නෙල්කා ශිරෝමාලා ආසියානු කාන්තාවක් විසින් දිනාගත් දක්ෂතම බොක්සිං විනිසුරු සඳහා වු සම්මානය ද ලබාගත් පළමු තැනැත්තිය බවට පත්ව තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය
00:52
Video thumbnail
වනඅලි රංචුවක් කඩාවැදී ගමකට කළ කල විනාශය - පොල් ගස් පනහකට වඩා විනාශ කරලා
01:16
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58