spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉතිහාසගත ජයග්‍රහණයේ දී ලැබූ සම්මානය ඇෆ්ගන් සරණාගතයින් වෙනුවෙන් පිදූ ඊබ්‍රාහිම් සද්‍රාන් (වීඩියෝ)

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය පරාජයකරමින් ඉතිහාසගත ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඊයේ (23) රාත්‍රියේ හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා මෙහෙය වූ ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් තරගේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඊබ්‍රාහිම් ඊයේ තරගයේ දී පන්දු 113කට මුහුණ දෙමින් ලකුණු 87ක් රැස් කළා.

මෙහිදී සම්මානයට පාත්‍ර වූ ඊබ්‍රාහිම් සද්‍රාන් එම සම්මානය තම රටේ ජනතාවට මෙන්ම පාකිස්ථානයෙන් පිටුවහල් කරන ඇෆ්ගනිස්ථානුවන් වෙනුවෙන් තිළිණ කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර පාකිස්ථානයේ වෙසෙන ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.7 කට ආසන්න සංඛ්‍යාවකට ලබන නොවැම්බර් මස 10 වනදා වනවිට පාකිස්ථානයෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා.

තලිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්ථාන පාලනය සියතට ගත් පසු ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් සිය රට අතහැර අසල්වැසි රටවල්වලට සංක්‍රමණය වුණේ සරණාගතයින් ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?