ඉතිහාසගත ජයග්‍රහණයේ දී ලැබූ සම්මානය ඇෆ්ගන් සරණාගතයින් වෙනුවෙන් පිදූ ඊබ්‍රාහිම් සද්‍රාන් (වීඩියෝ)

එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්ථානය පරාජයකරමින් ඉතිහාසගත ජයක් වාර්තා කරන්නට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ඊයේ (23) රාත්‍රියේ හැකියාව ලැබුණා.

මෙම තරගයේ දී ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා මෙහෙය වූ ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්‍රාන් තරගේ වීරයා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඊබ්‍රාහිම් ඊයේ තරගයේ දී පන්දු 113කට මුහුණ දෙමින් ලකුණු 87ක් රැස් කළා.

මෙහිදී සම්මානයට පාත්‍ර වූ ඊබ්‍රාහිම් සද්‍රාන් එම සම්මානය තම රටේ ජනතාවට මෙන්ම පාකිස්ථානයෙන් පිටුවහල් කරන ඇෆ්ගනිස්ථානුවන් වෙනුවෙන් තිළිණ කරන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර පාකිස්ථානයේ වෙසෙන ලේඛනගත නොකළ ඇෆ්ගන් සරණාගතයින් මිලියන 1.7 කට ආසන්න සංඛ්‍යාවකට ලබන නොවැම්බර් මස 10 වනදා වනවිට පාකිස්ථානයෙන් පිටව යන ලෙස දැනුම් දී තිබෙනවා.

තලිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්ථාන පාලනය සියතට ගත් පසු ලක්ෂ සංඛ්‍යාත ඇෆ්ගනිස්ථානුවන් සිය රට අතහැර අසල්වැසි රටවල්වලට සංක්‍රමණය වුණේ සරණාගතයින් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14