ඉතා ඉක්මණින් විදුලි ගාස්තු වැඩි වන ලකුණු

ප්‍රවාහන ගාස්තු ඉහළ නොදැමීමට විරෝධය පළ කරමින් ඉන්ධන බෙදා හැරීම් කටයුතුවලින් ඉවත්වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය මේ වන විට නතර කර තිබෙනවා.

ඒ, බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග මීට සුළු වේලාවකට පෙර පැවති සාකච්ඡාව සාර්ථකවීම හේතුවෙන්.

එහිදී සිය ඉල්ලීම්වලට අදියර දෙකක් යටතේ විසදුම් ලබාදෙන බවට විෂය භාර අමාත්‍යවරයා පොරොන්දු වූ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා ප්‍රකාශ කළා.

මේ අතර, විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මේ වන විට විදුලිබල අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

ඒ, විදුලිබල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, විදුලි ඉංජිනේරුවන් සහ විදුලිබල මණ්ඩල නිලධාරීන් අතරයි.

විදුලි ඉංජිනේරුවන් සහ නිලධාරීන්ගෙන් ලද ඉල්ලීමක් මත විදුලි බිල්පත් ගාස්තු සංශෝධනය කිරීමට අදාළව මෙම සාකච්ජාව සිදු කෙරෙනවා.

එසේම, ඉන්ධන හිඟයත් සමග ආරම්භ කෙරුණු විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි.

මේ අතර ලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල අද තවදුරටත් පහත බැස තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමරිකානු ඩොලර් 98ක් දක්වා පහත වැටී ඇති බව වෙළදපොළ වාර්තා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58