ඉඩම් හිමිකම සින්නක්කරව ජනතාවට ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්

ප්‍රධාන නිෂ්පාදන සාධකයක් වන ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනි ක්‍රියාවක් වන අතර 2024 අයවැය යෝජනා හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම වරද නිවැරදි කර තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ඉඩම් හිමිකම සින්නක්කර ලෙස ජනතාවට ලබාදීම මඟින් ඔවුනට ස්වාධීන ආර්ථික ක්‍රියාවලියක නියැලීම සඳහා අවස්ථාව හිමිවෙන බැවින් එය ආනාගත ආර්ථිකය වෙනුවෙන් කළ ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

2019 නොවැම්බර් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් විදියට අති විශාල මුදලක් රාජ්‍ය ආදායමට අහිමි වුණා. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස 8.5 %ක් දක්වා අඩු වුණා. එය රුපියල් බිලියන 600-700 ත් අතර ප්‍රමාණයක්. කොවිඩ් වසංගතය සමඟ 2021 අවසන් කාර්තුවේ සිට උද්ධමනය ඉහළ යාම ආරම්භ වුණා. එය 2022 වසර අවසානය වන විට 73.70 %ක් දක්වා ඉහළ ගියා. ලෝකයේ ඉහලම උද්ධමනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත්වුණා.

ඉන් පසු පැවති ආණ්ඩුව මේ රට භාර ගන්නැයි විරුද්ධ පක්ෂව වෙත ආරාධනා කළත් අද අපව විවේචනය කරන කිසිවකු රට භාරගැනීමට ඉදිරිපත් වූයේ නැහැ. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දැවැන්ත අභියෝගය භාරගෙන ඉතා කල්පනාකාරීව තීන්දු තීරණ ගෙන රට යම්තාක් දුරට ස්ථාවර තත්ත්වයකට ගෙනවිත් තිබෙනවා.

ආණ්ඩුවක් හැටියට අප 2023 අය වැය ඉදිරිපත් කළේ අධි උද්ධමන තත්වයකට රට පත්වීම වැලැක්වීම සඳහායි. ඒ සඳහා දැඩි මූල්‍ය පාලනයක් සිදු කරන්න අවශ්‍ය වුණා. 2023 සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය 0. 80 % දක්වා පහළ ගෙන ඒමට අප සමත් වී තිබෙනවා.

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සහිතව අපි ඉදිරියට යන්නේ සමාජ වෙළදපොල ආර්ථිකයක් ලෙසයි. ඒ අනුව මෙවර අය වැය මඟින් සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 183ක් වෙන් කර තිබෙනවා. එය වෙනත් වසරවල දී වෙන් කළ මුදලට සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක්. මෙමඟින් පවුල් ලක්ෂ විස්සකට ප්‍රතිලාභ හිමිවනවා.

සෑම මාසයකම රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් රුපියල් බිලියන 93ක් වැය වනවා. අස්වැසුම, විශ්‍රාම වැටුප් සඳහා මසකට බිලියන 30ක් වැය වනවා. ණය පොලී වෙනුවෙන් බිලියන 220ක් වැය වනවා. මේ ඇතුළු ප්‍රධාන වියදම් කිහිපයකට පමණක් මාසයකට බිලියන 383ක් වැය කිරීමට සිදුව තිබෙනවා. නමුත් මාසික බදු ආදායම රුපියල් බිලියන 215යි. එය බිලියන 168ක හිගයක්. මේ වගේ තත්ත්වයක් යටතේ ආර්ථිකය කළමනාකරණය කිරීම සැබැවින්ම අභියෝගාත්මකයි.. එවැනි පසුබිමක් යටතේ රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදීමට ද අප කටයුතු කළා.

ඊට අමතරව ආර්ථික අතින් ශක්තිමත් අනාගතයක් සඳහා අප බොහෝ දේ සිදු කර තිබෙනවා. ගරු-සරු ශ්‍රමයට අභිමානයක් වැඩසටහන, නව රැකි රක්ෂා පනත ඇතුළුව විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් ද බොහෝ කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ඉඩම් අයිතිය සින්නක්කරවම ලබාදීම මෙවර අය වැයේ තිබෙන විශේෂිත ලක්ෂණයක්. ඉඩම් කියන්නේ නිෂ්පාදනයේ ප්‍රධානම සාධකය. ජනතාවට ස්වාධීනව ආර්ථික ක්‍රියාවලියක නියැලීමට හැකියාව ලැබෙනවා. ඉඩම් අනිසි ලෙස රජය යටතේ තබාගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනියි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ 2024 අය වැය හරහා එම වරද නිවැරදි කිරීමට කටයුතු කර තිබෙනවා. මෙය අනාගත ආර්ථිකය වෙනුවෙන් කරන ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ආයෝජනයක්.

තව ද වතුකරයේ ජනාතවට ඉඩම් අයිතිය ලබාදීම සදහා රුපියල් බිලියන 4ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

ඒ වගේම බිම් සවිය වැඩසටහන අවසන් කිරීමට රුපියල් මිලියන 600ක් වෙන් කර තිබෙනවා. මෙතෙක් ඉඩම් සහතික ලබා නොදුන් පුද්ගලයන්ට ඔවුන්ගේ ඉඩම්වල පූර්ණ අයිතිය සහිත ඉඩම් සහතික නිකුත් කිරීමටත් එම නාගරික කුලී නිවාසවල අයිතිය ඒ ජනතාව වෙතම ලබාදීමටත් යෝජනා කර තිබෙනවා.

රාජ්‍ය ආයතනවල කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කර ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර තිබෙනවා. එමෙන්ම රාජ්‍ය ආදායම් සම්බන්ධව කටයුතු කරන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගුවේ සිදුවන වංචාවන් නැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04