ඉඩම් කොමසාරිස්ට අල්ලස් කොමිසම ගොනු කළ අධි චෝදනා පත්‍රයක් විභාග කිරීම වළක්වාලමින් නියෝගයක්

ඉඩම් කොමසාරිස් බන්දුල ජයසිංහට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය විභාග කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් අගෝස්තු මස 08 වනදා අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කෙරෙන ලෙස දන්වා අල්ලස් කොමිසමේ සාමාජිකයින් වෙත නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කරනු ලැබුවා.