ඉකුත් වසරේ රට හැර ගිය ශ්‍රමිකයින්

2021 දෙසැම්බර් අවසානය වනවිට විදේශ රැකියා සඳහා පුද්ගලයින් 120,000 ක් පමණ ලියාපදිංචි වී තිබූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 30,000 ක්ද, සෞදි අරාබිය සඳහා 27,000 ක්ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රමිකයින් 20,000 ක් පමණද ලියාපදිංචි වී තිබේ.

මැද පෙරදිග කලාපයෙන් බැහැර රටවල් වන දකුණු කොරියාවේ රැකියා සඳහා 1,400ක්ද, සිංගප්පූරුවේ රැකියා සඳහා 1,100 ක්ද, සයිප්‍රසයේ රැකියා සඳහා 1,600ක් පමණද, ජපානයේ රැකියා සදහා ශ්‍රමිකයින් 800ක්ද ලියාපදිංචි වී විදේශ ගතවී ඇති බව එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

2022 වර්ෂයේදී විදේශ රැකියා ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව ජපානය, දකුණු කොරියාව, රැමේනියාව, ඊශ්‍රායලය, පෝලන්තය, සයිප්‍රස් වැනි ඉහළ වැටුප් සහිත රටවල වෘත්තිය රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීම, පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතකිරීම, සුභසාධන පහසුකම් ඉහළ නැංවීම වැනි සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් වෙනුවෙන් 2021 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 2,456ක වන්දි හා සුභසාධන පහසුකම් ලෙස මුදල් ගෙවා ඇති බව එම කාර්යාංශය සඳහන් කරයි.

කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රමිකයින් 533 දෙනකු වෙනුවෙන් සුරක්ෂා රක්ෂණ වන්දි ලෙස රුපියල් ලක්ෂ 1,019ක් ගෙවා ඇති අතර, විදේශ රැකියාවල යෙදී සිටියදී මියගිය 171 දෙනකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 800ක් ඔවුන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ගෙවා ඇත.

කොවිඩ් -19 රෝගය වැළඳී මියගිය ශ්‍රමිකයින් 90 දෙනෙකු වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදලට අමතරව අවසන් ආගමික කටයුතු සිදුකිරීම සඳහා රුපියල් මිලියන 3ක්ද ගෙවා තිබේ.

2021 වර්ෂය තුළදී විගමණික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් 872 දෙනකු සඳහා අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලෙස රුපියල් ලක්ෂ 215ක් ලබාදී ඇති අතර, තවත් දරුවන් 2,633 දෙනකු සඳහා රුපියල් ලක්ෂ 647ක ශිෂ්‍යාධාර ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවද දැනුම් දී තිබෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එතුමිය පැතූ රට තවම හැදිලා නෑ..උන්ගෙන් වැඩිදෙන සොරදෙටුවෝ - ගම්මන්පිලගෙන් සැර කතාවක්
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39
Video thumbnail
වැලිපැන්නට ගිය නලින්ද විපක්ෂයට කට උත්තර නැති කරයි - දැන් කට්ටිය ඇපපිට නැත්තම් සැකපිට
06:20
Video thumbnail
ආදිත්‍යා වැලිවත්තගේ මුවින් නන්දා මාලනිය ගැන පිටවූ වදන් - අපේ අම්මා කෙනෙක් වගේ - හරිම දුකයි
00:56
Video thumbnail
හැමෝම ඉදිරියේ බණ කිව්ව විපක්ෂ නායක - බලය නැතත් සැබෑ System Change එක අපි කරනවා
14:16