ඉක්මනින් මැතිවරණයක් තබන්න අගමැති බල කරයි

පාකිස්තානයේ කඩිනම් මහ මැතිවරණයක් පවත්වන ලෙස විශ්වාසභංගයකින් බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බල කර සිටිනවා.පාකිස්තාන තෙහෙරීක් – ඊ – ඉන්සාෆ් පක්ෂ නායකයා වන ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, රටේ අග්‍රාමාත්‍යවරයා කවුරුන් ද යන්න තීරණය කිරීම ජනතාවට භාර දිය යුතු බවයි.

පෙශාවර් හි දී හෙට දිනයේ දැවැන්ත රැළියක් පවත්වන බව ද ඔහු සදහන් කළා.ඉම්රාන් ඛාන් තවදුරටත් කියා සිටින්නේ ඇමරිකාව ප්‍රමුඛ විදේශ බලවේග මගින් මෙහෙය වනු ලැබූ කුමන්ත්‍රණයක් හරහා තමා බලයෙන් පහ කෙරුණු බවයි.ඔහුට එරෙහි විශ්වාසභංගය මෙහෙය වූ පාකිස්තාන විපක්ෂ නායක සහ මුස්ලිම් ලීගයේ නවාස් පාර්ශවයේ නායක ෂෙබාස් නවාස් පාකිස්තානයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නා.

ඔහු තුන් වරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ නවාස් ශරීෆ්ගේ සොහොයුරායි.ෂෙබාස් නවාස්ට ලබන වසරේ ඔක්තෝම්බරයේ මහ මැතිවරණයක් පවත්වන තුරු අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටිය හැකියි.

කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග පාකිස්තාන ජාතික සභාව හෙවත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූයේ කඩිනම් මැතිවරණයකට බල කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13