ඇෆ්ගනුන් පරදා ඉන්දීය කණ්ඩායමට ජය

පන්දු වාර 20 ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි 08 දෙනා අතර ඊයේ (20) පැවති තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා ලකුණු 47ක ජයක් ලබන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගය පැවැත්වුණේ බ්‍රිජ්ටවුන් හි දී යි.

ඉන්දීය නායක රෝහිත් ෂර්මා කාසියේ වාසිය දිනා ගනිමින් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 181ක් ලබා ගත්තා.

සූර්‍යකුමාර් යාදව් පන්දු 28ක දී ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූයේ දැවැන්ත හයේ 03ක් සහ හතරේ පහර 05ක් ද සමගින්.

කඩුලු බිඳ දැමීමේ දී Fazalhaq Farooqi සහ Rashid Khan කඩුලු 03 බැගින් සහ නවීන් අල් හක් එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 134ක් පමණයි.

ඇෆ්ගන් කඩුලු දඩයමේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අර්ශ්දීප් සින්ග් සහ ජස්ප්‍රිට් බුම්රා එක් ව කඩුලු 03 බැගින් ද කුල්දීප් ‍යාදව් කඩුලු 02ක් ද අක්සාර් පටෙල් සහ ජඩේජා එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 53කින් සිය ඉනිම වර්ණවත් කරගත් සූර්‍යකුමාර් දිනාගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51