ඇෆ්ගනුන්ගෙන් ඔස්ට්‍රේලියාවට ලකුණු 292ක ඉලක්කයක්

ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයෙන් ලකුණු 292ක ඉලක්කයක් හිමිවුණා.

දෙරට අතර අද තරගය පස්වරු 02ට ආරම්භ වූයේ වන්කඩේ ක්‍රීඩාංගණයේ දී යි.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගන් නායක හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 291ක් ලබා ගත්තා.

හැඩකාර ඉනිමක් ක්‍රීඩා කරමින් ඊබ්‍රහීම් සද්‍රාන් නොදැවී ලකුණු 129ක් රැස් කළා.

ඒ පන්දු 143කටයි.

ඊට දැවැන්ත හයේ පහර 03ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

රාහ්මත් ෂා ලකුණු 30ක් ද, ෂහිඩි ලකුණු 26ක් ද, ගුර්බාස් ලකුණු 21ක් ද ලබාගත්තා.

රෂීඩ් ඛාන් නොදැවී පන්දු 18කට වේගවත් ලකුණු 35 ක් එක් කළා.

ඒ දැවැන්ත හයේ පහර 03කින් සහ හතරේ පහර 02ක් ද සමගින්.

කඩුලු බිඳ හෙලීමේ දී හේසල්වුඩ් කඩුලු 02ක බැගින් බිඳ දැමුවා.

මැක්ස්වෙල්, ස්ටාක් සහ සම්පා එක් කඩුල්ලක් තමන් නමින් ලියා ගත්තා.

තරගය ජය ගැනීමට නම් ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 292ක් ලබාගත යුතු වන්නේ පන්දු 300ක් තුළ දියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14