ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මියගිය ගණන 120 ඉක්මවයි

බටහිර ඇෆ්ගනිස්ථානයේ ඉරාන දේශසීමාව ආසන්නයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් මිය ගිය සංඛ්‍යාව 120 ඉක්මවා ගොස් තිබෙනවා.

තවත් 1,000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූමිකම්පාව බටහිර හේරට් නගරයේ සිට කිලෝමීටර් 40ක් පමණ දුරින් එරට වේලාවෙන් රාත්‍රී 11ට හටගෙන තිබෙනවා.

බොහෝ ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති අතර, මිනිසුන් සුන්බුන් යට සිරවී ඇති අතර බලවත් පසු කම්පන තුනක් ද සිදු වූ බවයි වාර්තා වී ඇත්තේ.

පවතින තත්වය හමුවේ සන්නිවේදන සබඳතා විසන්ධි වීම හේතුවෙන් සිදු වූ බලපෑම් මෙන්ම ආපදාවට පත්වූවන්ට ඥාතීන්
සම්බන්ධ කර ගැනීමට ද නොහැකි වී තිබෙනවා.

පළාතේ ආපදා කළමනාකරණ ප්‍රධානී මෝසා අෂාරි පැවසුවේ මේ වන විට තුවාල ලැබූ කාන්තාවන්, ළමයින් සහ වැඩිහිටි පුරවැසියන් 1,000කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවයි.

මීට පෙර වාර්තා වූයේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 15ක් පමණ වන අතර සහන සේවකයින් පුලුල්ව පැතිරුනු විනාශයේ සම්පූර්ණ පරිමාණය සොයා බැලීමෙන් පසු තහවුරු නොකළ වාර්තා අනුව වර්තමාන මරණ සංඛ්‍යාව 300 ඉක්මවන බව සඳහන්.

හේරට් නගරය ඉරානය සමඟ මායිමේ සිට 120km නැගෙනහිරින් පිහිටා ඇති අතර එය ඇෆ්ගනිස්ථානයේ සංස්කෘතික අගනුවර ලෙසටයි සැලකෙන්නේ. 2019 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව මිලියන 1.9ක ජනතාවක් පළාතේ ජීවත් වන බව විශ්වාස කෙරෙනවා.

ඇෆ්ගනිස්ථානය නිතර භූමිකම්පා වලින් පීඩා විඳින අතර එය යුරේසියානු සහ ඉන්දියානු භූ තැටි අසල පිහිටා තිබීම ඊට හේතුවක්.

පසුගිය 2022 වසරේ ජුනි මාසයේදී පක්ටිකා පළාතට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් ඇති වූ අතර එමඟින් මිනිසුන් 1,000කට වැඩි පිරිසක් මිය ගිය අතර දස දහස් ගණනක් නිවාස අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44