spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථාන පිළ කිසිම අවස්ථාවක අවතක්සේරු කරන්නේ නෑ (වීඩියෝ)

ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක නායකත්ව දැරීම විශාල වගකීමක් බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ධනංජය ද සිල්වා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඇෆ්ගනිස්ථානය සමඟ හෙට (02) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගයට පෙර කොළඹ දී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කිසිම අවස්ථාවක අවතක්සේරු නොකරන බවයි ධනංජය මෙහි දී අදහස් දක්වමින් පැවසුවේ.

මේ අතර මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතයේ සිටින හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ දිමුත් කරුණාරත්නගේ අත්දැකීම් තමන් සමඟ බෙදාගනු ඇති බවට විශ්වාස කරන බව ද ශ්‍රී ලංකා නායකයා සඳහන් කළේ.

මෙම මාධ්‍ය හමුවේ දී ධනංජය වැඩිදුරටත් සඳහන් කළේ තමන් ක්‍රීඩා කරනු ලබන සෑම තරගයක්ම මියගිය තමාගේ පියා වෙනුවෙන් ක්‍රීඩා කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?