ඇෆ්ගනිස්ථානය ගැන අපිට අඩු තක්සේරුවක් නැහැ

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගනයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස්,

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අපේ කණ්ඩායමට වඩා ගොඩක් තරගාවලිවලට මුහුණ දීලා පලපුරුද්ද හා අත්දැකීම් තිබෙනවා. ඒ කණ්ඩායමේ ගුරුබාස් වගේම කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. ඇෆ්ගනිස්ථානය කියන්නේ මේ වන විට ඉතාමත් හොදින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. මෙවර ඉතාමත් සමබර කණ්ඩායමක් අපිට ඉන්නවා. වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ හා චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රිඩකයන් තිදෙනෙක්. ඒක අපේ කණ්ඩායමට ශක්තියක්. වේගපන්දු යවන්නන් කීපදෙනෙක් ඉන්නවා. පිතිකරණයත් හොඳ මට්ටමක තිබෙනවා. මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න අපි කණ්ඩායමක් වශයෙන් බලාපොරොත්තු වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30