spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානය ගැන අපිට අඩු තක්සේරුවක් නැහැ

ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල වශයෙන් අත්දැකීම් බහුල කණ්ඩායමක් වන ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම පිළිබඳ කිසිසේත්ම අඩු තක්සේරුවකින් නොසිතන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසනවා.

මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගනයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස්,

ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අපේ කණ්ඩායමට වඩා ගොඩක් තරගාවලිවලට මුහුණ දීලා පලපුරුද්ද හා අත්දැකීම් තිබෙනවා. ඒ කණ්ඩායමේ ගුරුබාස් වගේම කණ්ඩායමේ හොඳින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා. ඇෆ්ගනිස්ථානය කියන්නේ මේ වන විට ඉතාමත් හොදින් ක්‍රීඩා කරන කණ්ඩායමක්. මෙවර ඉතාමත් සමබර කණ්ඩායමක් අපිට ඉන්නවා. වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ හා චාමික කරුණාරත්න තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන ක්‍රිඩකයන් තිදෙනෙක්. ඒක අපේ කණ්ඩායමට ශක්තියක්. වේගපන්දු යවන්නන් කීපදෙනෙක් ඉන්නවා. පිතිකරණයත් හොඳ මට්ටමක තිබෙනවා. මෙම තරගාවලිය හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න අපි කණ්ඩායමක් වශයෙන් බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?