ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයෝ 20ක් ගත් තීරණය

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා රජය සූදානම් වෙද්දී එහි සිටින විසිදෙනකු තලේබාන් පාලනය යටතේ එරටම රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇත.

ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් අසූ හයදෙනා අතරින්, හතළිස් හයදෙනකු මේ වන විටත් ඉවත් කර ගෙන ඇති අතර මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටන තවත් විසි දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ඉතිරි ශ්‍රී ලාංකිකයින් 20 දෙනා ඇෆ්ගනිස්ථානයේම තවදුරටත් රැඳී සිටීමට කැමැත්ත පළ කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මේ අතර ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට සහාය ලබාදෙන ලෙස විදේශ අමාත්‍යාංශය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්තානය යන රටවලින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ද ඉල්ලීමක් කර තිබේ. විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් අදාළ රටවල තානාපතිවරුන් සමග පැවති සාකච්ඡාවලදී මෙම ඉල්ලීම් කර තිබේ.

  1. සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ ඔවුන් රැඳී සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් UNHCR කාබුල් මූලස්ථානයේ හා ප්‍රාදේශීය මූලස්ථානවල ඔවුන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් රැකියාව සුරක්ෂිතව සිදුකර ගනිමින් පවතී



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15