spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්ථානයේ ජාතික වනෝද්‍යානයක් කාන්තාවන්ට තහනම් කලාපයක් කරයි

ඇෆ්ගනිස්ථානයේ මධ්‍යම බාමියන් පළාතේ පිහිටි Band-e-Amir ජාතික වනෝද්‍යානයට කාන්තාවන්ට පැමිණීම තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා.

කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබ් පැළඳ නොසිටීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ සඳහා විසඳුමක් ලැබෙන තුරු කාන්තාවන්ට ඊට ඇතුළුවීම මෙලෙස තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.

බාමියන් හි ආගමික පූජකවරු පැවසුවේ උද්‍යානය නැරඹීමට පැමිණ නීති රීති අනුගමනය නොකරන කාන්තාවන් වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන කාන්තාවන් බවයි.

මෙලෙස වනෝද්‍යානයක් කාන්තාවන්ට තහනම් ප්‍රදේශයක් බවය පත් කිරීම කාන්තාවන්ට සිදුකරන අගෞරවයක් බවයි කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?