ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක්

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ඇෆ්ගනිස්ථානයට ලකුණු 213ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.ඩුබායිහිදි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 212ක් රැස් කළා.

මෙවර ආසියානු කුසලාන තරගාවලියේ කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.