ඇෆ්ගනිස්ථානයට පාකිස්තානයෙන් ගුවන් ප්‍රහාර

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර පළාත් දෙකකට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනක් මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් පවසනවා.

ප්‍රහාර සම්බන්ධයෙන් පාකිස්තානය චෝදනා කළ ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රජය පැවසුවේ නිවාසවලට ද ප්‍රහාරයෙන් හානි සිදුව ඇති බවයි.

කාබුල්හිදී, විදේශ අමාත්‍යාංශය නන්ගර්හාර් සහ කොස්ට් පළාත්වල සිදු වූ ප්‍රහාර හෙළා දුටු අතර, ඒවා පාකිස්තානයේ “ප්‍රකෝපකාරී ක්‍රියාවක්” ලෙස හැඳින්වූවා.

මේ අතර ප්‍රහාර සම්බන්ධයෙන් සිය විරෝධය පළ කිරීම සඳහා කාබුල්හි පකිස්ථාන තානාපතිවරයා ද විදේශ අමාත්‍යංශය වෙත කැඳවනු ලැබුවා.

ඇෆ්ගන් ආරක්ෂක අමාත්‍යාංශය ද මෙම ප්‍රහාර හෙළා දකිමින් x සටහනක් තබමින් පැවසුවේ. “එවැනි ම්ලේච්ඡ සහ මිලේච්ඡ ක්‍රියා දෙපාර්ශ්වයට ම ප්‍රතිලාභ ලබා නොදේ; ඒ වෙනුවට මුස්ලිම් ජාතීන් දෙක අතර දුරස්ථභාවය තීව්‍ර කරන අතර වෛරය අවුස්සයි. මෙම වගකීම් විරහිත ක්‍රියාකාරකම් ප්‍රතිවිපාක ඇති කරයි,” යනුවෙනි.

චෝදනා එල්ල වූ ප්‍රහාර පිළිබඳව පාකිස්තාන රජය හෝ හමුදාව ප්‍රතිචාර දක්වා නැහැ.

පාකිස්තානයේ තහනම් කර ඇති සහ එම රටේ මාරාන්තික ත්‍රස්ත ප්‍රහාර කිහිපයකට වගකිව යුතු පාකිස්තාන තලේබාන් සංවිධානයේ සැක සහිත සැඟවුණු ස්ථානවලට එරෙහිව ඇෆ්ගනිස්ථානයේ ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර දියත් කළ බවට මීට පෙර ද පාකිස්ථානයට චෝදනා එල්ල වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39