ඇෆ්ගනිස්තානයෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය

ශ්‍රී ලංකාව හා සංචාරක ඇෆ්ගනිස්තානය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරඟයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 294 ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පන්දුවාර 50 තුලදී ලකුණු 295 ක් ඉලක්කයක් හිමිවුණා.

එහිදී අනගි ඉනිමක් දියත් කළ ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 106 ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග ලකුණු 42 කට කඩුළු 2 ක් බිඳ හෙලීමට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්