ඇෆ්ගනිස්තානයට අභියෝගාත්මක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු විස්සයි විස්ස තරගය අද දඹුල්ලේ දී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඇෆ්ගනිස්තාන නායක ඊබ්‍රහීම් සර්දාන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

ඒ අවසරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 160ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක වනිදු හසරංග පිතිකරණයේ වගකීම තම කර මතට ගනිමින් සිය දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

එහිදී ඔහු පන්දු 32ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 67ක්.

ඔහු සමග පස්වන කඩුල්ල සදහා සාර්ථක සම්බන්ධතාවක් ගොඩනැගූ සධීර සමරවික්‍රම ලකුණු 25ක් රැස්කරගෙන සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද් දී දැවී ගියා.

ඊට අමතරව ධනංජය ද සිල්වා ලකුණු 24ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ෆස්ලාක් ෆරූකී කඩුලු 03ක් සහ නවීන් උල් හක් කඩුලු 02ක් බිද දැමීමට සමත් වුණා.

ඒ අනුව තරගය ජයග්‍රහණය වෙනුවෙන් ඇෆ්ගනිස්තානයට පන්දු 120ක් තුළ ලකුණු 161ක ඉලක්කයක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04