ඇළට වැටුණු ඇතා කිලෝමීටර් පහක් දුරට ගසාගෙන යයි

පොළොන්නරුව මාදුරුඔය Z-D ඇළට පිඹුරත්තෑව ප්‍රදේශ‍යේ දී අද (04) අලුයම වැටුණු ඇතෙකු කිලෝ මීටර් පහක් පමණ දුරට ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් තිබෙනවා.

වෙහෙරගල වනජීවී නිලධාරීන් විසින් සිදුකළ පැය අටක මෙහෙයුමකින් අනතුරුව එම ඇතා ගොඩට ගෙන පිඹුරත්තෑව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

අවුරුදු හතළිහක් පමණ වයස ඇති එම ඇතා උසින් අඩි අටහමාරක් පමණ බව සඳහන්.

අද අලුයම එම ඇළෙන් වතුර බීමට පැමිණි අවස්ථාවේ දී ඇතා ඇළට වැටී ඇති බව වෙහෙරගල වනජීවී නිලධාරීන් සඳහන් කළා.

ජලයේ ගසාගෙන යන ඇතා බේරා ගැනීමට මෙහෙයුම් දියත් කළ ද එම ස්ථානයෙන් ඇතා බේරා ගැනීමට නොහැකි වූ බව එම නිලධාරීන් පවසනවා.

එහිදී සැඩ පහරට ගසාගෙන ගිය ඇතා Z-D ඇළේ තිබූ කොන්ක්‍රීට් පඩි පෙළකින් ගොඩට පැමිණි බව ද වනජීවි නිලධාරින් සඳහන් කරනවා.

1 5
1 3 1
1 4 1
1 7 1
1 9
1 10
1 1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40