spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇහැළියගොඩ ද්විත්ව ඝාතනයක් – 30 හැවිරිදි පුතා අත්අඩංගුවට

තිස් හැවිරිදි වියේ පසුවන තරුණයෙකු විසින් පහර දී ඔහුගේ පියා සහ නැන්දා ඝාතනය කර ඇති බව ඇහැළියගොඩ පොලිසිය පවසනවා.

අද (07) උදෑසන මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි පොලීසියට වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැළියගොඩ, විජේනායක මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 70ක පුද්ගලයෙක් සහ ඔහුගේ 68 හැවිරිදි සහෝදරිය බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පුත්‍රයා විසින් අතින් පයින් පහර දී මෙම ඝාතනයන් සිදුකර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.

සැකකරු අතින් පහරකෑමට ලක් වූ ඔහුගේ පියා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කාන්තාව රෝහල් ගතකර පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
2
+1
3
+1
33
+1
10
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?