spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇස්ට‍්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් මෙරට ලක්ෂ 6කට ගැටලුවක්

කොරෝනා රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත‍්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි ගැටලූවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරන බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ඉන්දියාවේ සීරම් සමාගම මගින් ලබාදුන් මෙම එන්නත් මාත‍්‍රා ලක්ෂ 09න් මාත‍්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇත්තේ ලක්ෂ තුනක පමණ පිරිසකට බව එන්නත් ලබාදීමේ වැඩසටහනේ නිරත සෞඛ්‍ය බලධාරීහු පවසන බවයි එහි සඳහන් වන්නේ.

මෙය ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනේ දුර්වලතාවයක් නොව ඉන්දියාවේ සීරම් සමාගමේ එන්නත් නිෂ්පාදනය සම්බන්ධව මතුවූ ගැටලූවක් මත ඇතිවූවක් බවද එම සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?