ඇසළ පෝය දා සවස හික්කඩුවෙන් ඇසුණු ඛේදවාචකය

හික්කඩුව, තොටගමුව පාලම අසල කලපුවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් ඊයේ (20) පස්වරුව දිය වැළකට හසුව ගසාගෙන ගොස් අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අතරුදන්ව ඇත්තේ කරන්දෙණිය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

අතුරුදන් වූ සිසුවා සොයා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුමක් ආරම්භකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිසුවා ඇතුළු එකම පංතියේ ඉගෙනුම ලබන පාසල් සිසුන් නවදෙනෙකු දෙමව්පියන්ට නොදන්වා ඇසළ පුන්පෝය යෙදි තිබූ ඊයේ (20) දිනයේ දිය නෑම සදහා මෙම වෙරළ තීරයට පැමිණ ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්