ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම අද රාත්‍රියේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර ඊයේ (06) රාත්‍රියේ වීථි සංචාරය කළා.

මෙවර අවසන් කුඹල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවීම ඉන්දිරාජා හස්ථිරාජයා විසින් සිදුකරනු ලැබුවා.

මේ අතර මෙවර පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අද රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

මෙවර පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාර කෙරෙන්නේ ලබන 11 වනදායි.

2022 මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 02 වනදා ආරම්භ වුණා.

මේ අතර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කරන පළමු රන්දෝලි පෙරහර, දසත ලංකා ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55