spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීම අද රාත්‍රියේ

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර ඊයේ (06) රාත්‍රියේ වීථි සංචාරය කළා.

මෙවර අවසන් කුඹල් පෙරහරේ සධාතුක පෙරහර කරඬුව වැඩමවීම ඉන්දිරාජා හස්ථිරාජයා විසින් සිදුකරනු ලැබුවා.

මේ අතර මෙවර පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

අද රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.

මෙවර පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාර කෙරෙන්නේ ලබන 11 වනදායි.

2022 මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පසුගිය 02 වනදා ආරම්භ වුණා.

මේ අතර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කරන පළමු රන්දෝලි පෙරහර, දසත ලංකා ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට හිමි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?