UPDATE :-ඇලෝසියස්ගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

තමන්ට නියම වී ඇති මාස 06ක සිරදඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝෂියස් ඇතුළු වගඋත්තරකරුවන් තිදෙනකු විසින් කොළඹ මහාධිකරණයට යොමු කිරීම සඳහා භාරදුන් අභියාචනය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා.

මෙම අභියාචනා අයදුම් පත අදාළ නඩු තීන්දුව ලබාදුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ අද (14) කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර කෙරුණා.

ගෙවීමට නියමිත බදු මුදල් කොටස් වශයෙන් ගෙවීමට අවසර දෙන ලෙසත් මෙම වග උත්තරකරුවන් විසින් එම අභියාචනය තුළින් ඉල්ලා තිබුණු බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මාස 06‍ක සිරදඬුවම් නියම කරනු ලැබුවා.

2016 වසරේ සිට 2019 වසර දක්වා කාල සීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වෙනිදා නියෝගයක් නිකුත් කෙරුණා.

මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අර්ජුන් ඇලෝෂියස් සහ ඇන්තනි රන්දෙව් දිනේන්ද්‍ර ජෝන් යන විත්තිකරුවන් දෙදෙනා අධිකරණයෙහි පෙනී සිටියා.

තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටි ප්‍රසන්න කුමාරසිරි ද සිල්වා යන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුට මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ බවයි වාර්තා වන්නේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, ඉකුත් නොවැම්බර් මස නිකුත් කළ තීන්දුවට එරෙහිව තම සේවාදායකයින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් කොළඹ මහාධිකරණය විසින් අදාළ බදු මුදල් ගෙවන ලෙස ඉකුත් නොවැම්බර් මස 14 වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති බවත් අධිකරයෙ හමුවේ කරුණු අනාවරණය වුණා.

ඒ අනුව අද දිනය තුළ අදාළ බදු මුදල් ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකළහොත් මාස 06ක සිරදඬුවම් නියම කරන බවත් මහෙස්ත්‍රාත්වරයා විසින් වගඋත්තරකරුවන්ට නියෝග කළා.

ඒ අනුව අදාළ මුදල් නොගෙවීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම සිරදඬුවම නියම කළ බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14