ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

34 හැවිරිදි හේල්ස් එංගලන්තය වෙනුවෙන් එක්දින, T20 සහ ටෙස්ට් තරග 156ක් ක්‍රීඩා කර ලකුණු 5,066ක් රැස්කර ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේ T20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙක්.

ඔහු අවසන් වරට තම රට වෙනුවෙන් ක්‍රීඩා කළේ මෙල්බර්න් හිදී පාකිස්ථානයට එරෙහිව පැවති තරගයේ වන අතර එම තරගයෙන් එංගලන්තයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්ත ද ඔහු නොටින්හැම්ෂයර් සහ T20 ෆ්‍රැන්චයිස් තරගාවලි සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති.

සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් හේල්ස් පැවසුවේ එංගලන්තය නියෝජනය කිරීමට ලැබීම විශේෂ වරප්‍රසාදයක් බවයි.

හේල්ස් දැනට The Hundred හි Trent Rockets වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින අතර, Australia’s Big Bash League සහ Pakistan Super League වැනි T20 ලීගවල නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස දිගටම ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14