spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

34 හැවිරිදි හේල්ස් එංගලන්තය වෙනුවෙන් එක්දින, T20 සහ ටෙස්ට් තරග 156ක් ක්‍රීඩා කර ලකුණු 5,066ක් රැස්කර ඇති අතර පසුගිය නොවැම්බර් මාසයේ T20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙක්.

ඔහු අවසන් වරට තම රට වෙනුවෙන් ක්‍රීඩා කළේ මෙල්බර්න් හිදී පාකිස්ථානයට එරෙහිව පැවති තරගයේ වන අතර එම තරගයෙන් එංගලන්තයට කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගත්ත ද ඔහු නොටින්හැම්ෂයර් සහ T20 ෆ්‍රැන්චයිස් තරගාවලි සඳහා දිගටම ක්‍රීඩා කරනු ඇති.

සමුගැනීම ප්‍රකාශයට පත් කරමින් හේල්ස් පැවසුවේ එංගලන්තය නියෝජනය කිරීමට ලැබීම විශේෂ වරප්‍රසාදයක් බවයි.

හේල්ස් දැනට The Hundred හි Trent Rockets වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින අතර, Australia’s Big Bash League සහ Pakistan Super League වැනි T20 ලීගවල නිත්‍ය ක්‍රීඩකයෙකු ලෙස දිගටම ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?