spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ල ඇවිලූ 16 දෙනාට අධිකරණයෙන් ලැබුණු දඬුවම

රාවනා ඇල්ල රක්ෂිතයට ගිනි තැබූ බව කියන පාසල් සිසුන් ඇතුළු 16 දෙනා අද (25) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ, අදාළ සැකකරුවන් ප්‍රදේශවාසීන් විසින් අල්ලා, ඇල්ල පොලිසියට ඊයේ භාරදීමෙන් අනතුරුවයි.

අද දින සැකකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට පැළ 10 බැඟින් සිටුවන ලෙස නියෝග කරමින් තරයේ අවවාද කර මුදාහැරීමයි කටයුතු කළේ.

සිද්ධිය අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 16ත් 22ත් අතර වයස්වල පසුවන බදුල්ල, නමුණුකුල සහ හාලිඇල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගිනි තැබීමෙන් ඇල්ල රක්ෂිත කඳුවැටියේ අක්කර 15ක් පමණ විනාශයට පත්ව තිබෙනවා.

මෙම පිරිස ඊයේ (24) විනෝද සංචාරයක් සඳහා ඇල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?