ඇල්ලවල ඇල්ල සංචාරකයන්ට දැන් නැරඹිමට අවස්ථාවක් නෑ

වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි සංචාරකයන් දිය නෑමට ගොස් දියේ ගිලීමෙන් කෙටි කලක් තුළ දහතුන් දෙනෙකු මිය යාම නිසා ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණීම දෙස්, විදෙස් සංචාරකයන්ට තහනම් කළ බව වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.ඩී. හරමානිස් මහතා පැවසීය. 

පෙරේදා (මාර්. 1) ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි පිරිසක් දිය නාමින් සිටි අතරවාරේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු සහ තවත් පාසල් ශිෂ්‍යයෙකු දියේ ගිලී මිය යාම මෙසේ ඇල්ලවල ඇල්ල නැරඹීම දෙස් විදෙස් සංචාරකයන්ට තහනම් කිරීමට හේතු විය. අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවන් හත්දෙනෙකු ගාල්ල ප්‍රදේශයට යන අතරමගදී ඇල්ලවල ඇල්ල නැරඹීමට ගොස් ඇත. ඔවුන් ඇල්ලවල ඇල්ලට බැස දියනාමින් සිටියදී තිදෙනෙකු දියේ ගිලී තිබිණි.

ඉන් එක් අයෙකු දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා දියේ ගිලී ඇත. ප්‍රදේශවාසීන් එම දෙදෙනාගේ මළසිරුරු ගොඩගෙන ඇත. මිය ගිය දෙදෙනා අතරේ සිටි අක්කරපත්තුව කොට්ඨාස 7 පදිංචි අබ්දුල් හසීස් ගයාසි (21) මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර මියගිය අමීම් රිසාඩ් (22) යන අය මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන අයෙකි. 

මෙම තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වමින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙසේ කීය.

“ඇල්ලවල ඇල්ල නැරඹීමට පැමිණි දහතුන් දෙනෙකු මේ වනවිට දියේ ගිලී මිය ගොස් තිබෙනවා. දිය නෑම තහනම් කර ඇති බවට නාමපුවරු සවිකොට කම්බි වැටක් ද ඉදිකර තිබෙනවා.

ඒවා සැලකිල්ලට නොගෙන හිතුමතේ දිය නෑම නිසා තමයි තරුණ ජීවිත රැසක් මේ විධියට අහිමිවී තිබෙන්නේ. සුදුසු වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන තුරු ඇල්ලවල ඇල්ල නැරඹීම සියලුම දෙස් විදෙස් සංචාරකයන්ට තහනම් කරනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39