spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්පිටිය ප්‍රා.සභා‍වේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක හොර සීල් තොගයක් (ඡායාරූප)

දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින්ගේ, විදුහල්පතිවරුන්ගේ, නිතිඥවරුන්ගේ, පොලිස් නිලධාරින්ගේ සහ ආයතනවල ව්‍යාජ නිල මුද්‍රා තොගයක් ඇල්පිටිය ප්‍රාදේශිය සභා‍වේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබියදී අද (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ව්‍යාජ නිල මුද්‍රා අතර කඩවත ප්‍රදේශිය ලේකම් කාර්යාල, අතිරේක රෙජිස්ට්‍රාර්, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්, ඉඩම් රෙජිස්ටාර් හා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්, ගාල්ල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගාල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්, මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන්ගේ නිලමුද්‍රා ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම මුද්‍රා තොගය සොයාගැනීමට හැකිව ඇත්තේ.

එම ස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි සැකකරුවෙක් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?