ඇල්පිටිය ප්‍රා.සභා‍වේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක හොර සීල් තොගයක් (ඡායාරූප)

දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරින්ගේ, විදුහල්පතිවරුන්ගේ, නිතිඥවරුන්ගේ, පොලිස් නිලධාරින්ගේ සහ ආයතනවල ව්‍යාජ නිල මුද්‍රා තොගයක් ඇල්පිටිය ප්‍රාදේශිය සභා‍වේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක් තුළ තිබියදී අද (06) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් ව්‍යාජ නිල මුද්‍රා අතර කඩවත ප්‍රදේශිය ලේකම් කාර්යාල, අතිරේක රෙජිස්ට්‍රාර්, දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්, ඉඩම් රෙජිස්ටාර් හා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්, ගාල්ල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගාල්ල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්, මාතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන්ගේ නිලමුද්‍රා ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ කාමරයක ව්‍යාජ ලිපි ලේඛණ සකස් කරන බවට යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි මෙම මුද්‍රා තොගය සොයාගැනීමට හැකිව ඇත්තේ.

එම ස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි සැකකරුවෙක් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට මේ වනවිටත් විමර්ශන ආරම්භකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාවගේ කතිරයේ බලය උල්ලංඝණය කිරීමක් - රටේ තනි පක්ෂ පාලනයකට ඉඩ දෙන්න එපා
10:11
Video thumbnail
ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
00:59
Video thumbnail
වෙළෙඳ නාමයන් අව භාවිතා කර ව්‍යාජ ලෙස බීඩි අලෙවි කළ සෙට් එකකට වැඩ වරදියි
01:05
Video thumbnail
දවස් හතරක් පුරා උතුරේ සිදුවෙන සංවර්ධන වැඩපිළිවෙල ඇමති නලින්ද හෙළිකරයි
02:51
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43