ඇල්පිටියේ ප්‍රාදේශීය සභාවේ ඇප මුදල් තැන්පත් කිරීම අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (11) මධ්‍යාහ්න 12න් අවසන් කෙරුණා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් මෙලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

ඒ අනුව ජනසෙත පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ,සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ ,පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ,ජාතික ජන බලවේගය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය, ජාතික ජනතා පක්ෂය ,දෙවන පරපුර පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.