ඇල්පිටියම කම්පාකල මාරක රිය අනතුර

ඇල්පිටිය – පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලොරි රථයක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පැලවත්ත ප්‍රදේශයේ පදිංචි මව වයස අවුරුදු 47ක් වන අතර පුත්‍රයාගේ වයස අවුරුදු 21ක්.

අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර පසුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්