ඇලස්කා ගුවන් යානයේ අනතුර නිසා බෝයිං ගුවන් යානා 171 ක් ගොඩබස්වයි

Alaska Airlines ගුවන් යානයක කොටසක් ගැලවී යාමෙන් පසු Boeing 737 Max 9 ජෙට් යානා සියල්ල වහාම පරීක්ෂා කිරීමට එක්සත් ජනපද ගුවන් සේවා නියාමන කොමිසම නියෝග කර තිබෙනවා.

ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) පැවසුවේ මෙම පරීක්ෂාවන් ගුවන් යානා 171කට බලපානු ඇති බවයි.

සිකුරාදා ඇලස්කා එයාර්ලයින්ස් ගුවන් යානය එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයෙන් ගුවන්ගත වීමෙන් පසු හදිසි ගොඩබෑමක් කිරීමට සිදු වුයේ එහි කොටසක් ගැලවී යාම හේතුවෙන්.

යුනයිටඩ් එයාර්ලයින්ස් පවසන්නේ FAA විසින් එහි Boeing 737 Max 9 ගුවන් යානා කිහිපයක් සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කර ඇති බවයි.

ඇතැම් ගුවන් යානා සේවයෙන් ඉවත් කිරීම හමුවේ ගුවන් ගමන් 60ක් පමණ අවලංගු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරන බව ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර, FAA කියා සිටියේ එක්සත් ජනපද ගුවන් සමාගම් විසින් හෝ එක්සත් ජනපද භූමිය තුළ ක්‍රියාත්මක වන ඇතැම් බෝයිං 737 මැක්ස් 9 ගුවන් යානා තාවකාලිකව ගොඩබෑමට නියෝග කරන බවයි.

අවශ්‍ය පරීක්ෂණ සඳහා එක් ගුවන් යානයක් වෙනුවෙන් පැය හතරක් හෝ අටක් පමණ ගත වන බව එහි සඳහන්.

එක්සත් රාජධානියේ ලියාපදිංචි 737 මැක්ස් 9 ගුවන් යානා නොමැති බව එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය (CAA) තහවුරු කර තිබෙනවා.

පසුගිය සිකුරාදා ඇලස්කා ගුවන් සේවයට අයත් ගුවන් යානයට සිදුවූ මෙම හදිසි සිදුවීමේ දී යානය ඔරිගන්හි පෝට්ලන්ඩ් සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ දක්වා ගමන් කරමින් තිබුණා.

හදිසි ගොඩ බැසීම ආරම්භ කරන විට එය අඩි 16,000ක් (මීටර් 4,876) දක්වා ළඟා වී තිබූ බව ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවල සඳහන්.

මගීන් සහ කාර්ය මණ්ඩලය 177 දෙනෙකු රැගත් ගුවන් සමාගම ආරක්ෂිතව නැවත පෝට්ලන්ඩ් වෙත ගොඩ බස්වනු ලැබුවා.

ගැලවී ඇති බඳ කොටස ඇතැම් ගුවන් යානාවල අමතර හදිසි පිටවීමේ දොරක් ලෙස භාවිතා කළ හැකි ප්‍රදේශයක් ලෙස සැලකෙන අතර එය ඇලස්කා ගුවන් සේවයේ භාවිත නොකෙරෙන බව සඳහන්.

ගුවන් සේවා ආරක්ෂාව පිළිබඳව හිටපු ගුවන් නියමුවෙකු වන ටෙරී ටෝසර් පැවසුවේ එය හදිසි පිටවීමක් ලෙස භාවිතා නොකරන්නේ නම් කොටස යානයට දැඩිව සවි කළ යුතුව තිබූ බවයි.

එම ගැලවී ගිය කොටස ආසන්නයේ ආසනයක කිසියම් අයෙක් ආසන පටි නොපැළඳ වාඩි වී සිටියේ නම් ඔහු යානයෙන් විසිවී ගුවනට ඇද වැටෙන්නට තිබූ බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

ගුවන් යානා 65ක මූලික ගොඩබෑම නිවේදනය කරමින් ඇලස්කා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් මිනිකුචි පැවසුවේ සෑම ගුවන් යානයක්ම නැවත සේවයට ලබා දෙන්නේ පූර්ණ නඩත්තු සහ ආරක්‍ෂිත පරීක්‍ෂණ අවසන් කිරීමෙන් පසුව පමණක් බවයි.

පසුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, එම ගුවන් යානාවලින් හතරෙන් එකකට වැඩි ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර ඇති බවත්, කිසිදු ගැටළුවක් නොමැති බැවින් නැවත සේවයට පැමිණෙන බවයි.

නිවේදනයක් නිකුත් කරමින් Boeing සමාගම FAA හි තීරණයට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

2018 සහ 2019 හි බිඳවැටීමෙන් පසු වසර දෙකකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව Boeing හි වැඩියෙන්ම අලෙවි වන මාදිලිය සම්බන්ධ නවතම ගැටලුව ලෙසටයි මෙය සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39