spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩා දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරුට

ළිඳකට සහ ඇලකට වැටීමෙන් ප්‍රදේශ දෙකකදී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ යාපනය සහ රාජාංගණය ප්‍රදේශවලදී යි.

රාජාංගණය යාය 4 ප්‍රදේශයේදී ඇලකට වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඊයේ දහවල් කාලයේදී යි.

රාජාංගණය ජලාශයේ ප්‍රධාන වාරි ඇලට වැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 1යි මාස 8ක් වයසැති කුඩා දරුවෙක්.

දියේ ගිලී බරපතල තත්ත්වයෙන් රාජාංගණය රෝහලට ඇතුලත් කළ දරුවා මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එම දරුවා තඹුත්තේගම මලියදේවපුර ප්‍රදේශයේ අයෙක්. මෘත ශරීරය රාජාංගණය රෝහලේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී වයස අවුරුදු 6ක දැරියක් නිවසේ ළිඳට වැටීමෙන් මියගොස් තිබෙනවා.

ඇය නිවසින් අතුරුදන් වීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් පැය 4ක් පමණ කාලයක් සොයා බලා ඇති අතර එහිදීයි ඇය ළිඳට වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

අනතුරුව දැරිය ගොඩට ගෙන කොඩිකාමම් රෝහලට ඇතුලත් කළ ද ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?