කුඩා දරුවන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් මරුට

ළිඳකට සහ ඇලකට වැටීමෙන් ප්‍රදේශ දෙකකදී ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ යාපනය සහ රාජාංගණය ප්‍රදේශවලදී යි.

රාජාංගණය යාය 4 ප්‍රදේශයේදී ඇලකට වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ඊයේ දහවල් කාලයේදී යි.

රාජාංගණය ජලාශයේ ප්‍රධාන වාරි ඇලට වැටීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 1යි මාස 8ක් වයසැති කුඩා දරුවෙක්.

දියේ ගිලී බරපතල තත්ත්වයෙන් රාජාංගණය රෝහලට ඇතුලත් කළ දරුවා මියගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

එම දරුවා තඹුත්තේගම මලියදේවපුර ප්‍රදේශයේ අයෙක්. මෘත ශරීරය රාජාංගණය රෝහලේ තැන්පත් කර ඇති අතර තඹුත්තේගම පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී වයස අවුරුදු 6ක දැරියක් නිවසේ ළිඳට වැටීමෙන් මියගොස් තිබෙනවා.

ඇය නිවසින් අතුරුදන් වීම හේතුවෙන් පවුලේ සාමාජිකයන් පැය 4ක් පමණ කාලයක් සොයා බලා ඇති අතර එහිදීයි ඇය ළිඳට වැටී සිටින ආකාරය දැක ඇත්තේ.

අනතුරුව දැරිය ගොඩට ගෙන කොඩිකාමම් රෝහලට ඇතුලත් කළ ද ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32